Posts

ශ්‍රී ලංකා දේශපාලනය තවමත් හැඩගස්වන නීතිය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)

Image
Image: Lal Laxman පසුගිය ජූනි මස 4 වෙනිදා , තරුණ දෙමළ ජාතිකයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. “ H iphop S angee ” ලෙස ජනප්‍රිය , දෙමළ රැප් ගායක ගනේෂ් කුමාර් සංකීතන් ගායනා කළ ගීතයක් හේතුවෙන් PTA යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඔහුගේ අත්අඩංගුවට ගැනීම යළිත් වරක් , පැරණි නමුත් තවමත් අදාළ ප්‍රශ්නයක් මතු කළේය. එනම් , ' දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දශක ගණනාවක් පුරා විවේචනය කළ මෙම නීතිය මත ශ්‍රී ලංකාව තවමත් රඳා පවතින්නේ ඇයි ?' ද යන්න යි. දශක කිහිපයකට පෙර බලාත්මක කරන ලද එම නීතියෙහි අඛණ්ඩ භාවිතය පෙන්වා දෙන්නේ මෙම නීතිය තවමත් රටේ දේශපාලන සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති බවයි. අදත් PTA මෙතරම් විවාදයට ලක් වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමට නම් , එහි ඉතිහාසය , විවිධ ජන කණ්ඩායම්වලට හා පුද්ගලයන්ට එය ඇති කළ බලපෑම් සහ එය දිගටම පවත්වාගෙන යාමට හේතු වන දේශපාලන අවශ්‍යතා විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. PTA යනු කුමක්ද ? PTA, 1979 වර්ෂයේදී ජනාධිපති J.R. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් තාවකාලික විධිවිධානයක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඉදිරිපත් කර...

දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය (2018 - 2026)

Image
2 018 පෙබරවාරි මස අගදී දිගන අසල තෙල්දෙණිය නගරයේ සිදු වූ පුද්ගලික සිදුවීමක් මුල්සිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීමට හේතුවක් බවට පත් කරගන්නා ලදී. මාර්ග ආරවුලක් හේතුවෙන් සිංහල ලොරි රියදුරෙකුට මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් පහර දීමෙන් පසුව ඔහු තුවාල ලබා රෝහලේදී මිය ගියේය. ඔහුගේ මරණය ඉක්මනින් මුස්ලිම් ජනයාට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් බවට පරිවර්තනය විය.  අපරාධ නඩුවක් ලෙස පැවතිය හැකිව තිබූ සිදුවීමක් කටකතා, වැරදි තොරතුරු සහ ප්‍රජා කණ්ඩායම් අතර පවතින ආතතීන් හරහා අවුලුවන ලද වාර්ගික එදිරිවාදිකමක් දක්වා වර්ධනය විය. 2018 මාර්තු 5 වන දින දිගන සහ අවට නගරවල මුස්ලිම් නිවාස, ව්‍යාපාර සහ පූජනීය ස්ථානවලට සිංහල මැර කල්ලි පහර දුන්නේය. පොලු, යකඩ පොලු සහ පෙට්‍රල් බෝම්බවලින් සන්නද්ධ සිංහල පුද්ගලයන් පිරිසක් මුස්ලිම් ජනයා සතු දේපළ ඉලක්ක කර ගනිමින්, සාප්පු සහ නිවාස ගිනි තැබූහ. පල්ලි කිහිපයක් ද විනාශ කරන ලදී. දිගන සහ ඊට පෙර වසරවල පැතිර ගිය මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයන්හි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ආතතීන් තීව්‍ර කිරීමේදී සමාජ මාධ්‍ය විසින් ඉටු කරන ලද කාර්යභාරයයි. විවිධ 'කුමන්ත්‍රණ'...

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

Image
2026 පෙබරවාරි 20 වන දිනට උතුරු - නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ පවුල් විසින් මහමග අඛණ්ඩ විරෝධතාවය ආරම්භ කර වසර නවයක් සනිටුහන් විය. 2017 දී අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ පිළිතුරු ඉල්ලීමේ වේදනාකාරී ආයාචනයක් ලෙස ආරම්භ මෙම අරගලය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම අඛණ්ඩ අරගලය බවට පත්ව ඇත. දශකයකට ආසන්න කාලයක් තිස්සේ අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ  මව්වරු, පියවරු, භාර්යාවෝ සහ සහෝදර සහෝදරියෝ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල තම ප්‍රියාදරයන්ගේ ඡායාරූප ඔසවාගෙන විරෝධතා දක්වමින් සිටිති. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට 2009 යුද්ධයේ අවසාන අදියරවලට වඩා බොහෝ සෙයින් ඈතට විහිදෙන දිගු ඉතිහාසයක් තිබේ. Amnesty International (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) විසින් සම්පාදනය කරන ලද ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල සිට ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අවම වශයෙන් 60,000 - 100,000 පමණ ගණනක් සිදුවී ඇත.(1) රජයේ නිල ජනගහණ සංඛ්‍යා ලේඛණ සහ ලෝක බැංකු නිවාස සංගණන වාර්තා මත පිහිටමින් International Truth and Justice Project සංවිධානය විසින් කළ ගණන...

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව

Image
2026 ජනවාරි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සන්නද්ධ ගැටුම ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ලේඛනගත කරන ලද පුළුල් වාර්තාවක් නිකුත් කළේය. 2009 දී සන්නද්ධ ගැටුම නිල වශයෙන් අවසන් වී වසර ගණනාවකට පසු දිවි ගලවා ගත් දෙමළ ජනයාට යුක්තිය, වගවීම සහ අර්ථවත් පිළියම් ලබා දී නැති බව වාර්තාවෙන් හෙළි විය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා සිදුවීම් නොව සන්නද්ධ ගැටුම අතරතුර සහ පශ්චාත් යුධ සන්දර්භය තුළ සිදු වූ පුළුල් අපයෝජන රටාවක කොටසකි. ලේඛනගත සිදුවීම් අතර ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකිය හැකි ස්ත්‍රී දූෂණ, වධහිංසා පැමිණවීම් සහ රැඳවුම් ස්ථානවල සහ වෙනත් සැලසුම් කරන ලද ස්ථාන තුළ සිදු කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්ව ක්‍රියා ඇතුළත් වේ.  ශ්‍රී ලංකාවේ දේශීය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයන් අසාර්ථක වී ඇති බවත්, නඩු පැවරීම් ස්වල්පයක් සහ සීමිත විමර්ශන පැවතියත් පළිගැනීමේ බිය අඛණ්ඩව පවතින බව වාර්තාව අවධාරණය කරයි. ස්වාධීන නඩු පැවරීමේ යාන්ත්‍රණයන් සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීම සඳහා ප්‍ර...

ජාත්‍යන්තර අධිකරණවල ඇසෙන රෝහින්ග්‍යා වර්ග සංහාර නඩුව

Image
  රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා යනු කවුද? රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා මියන්මාරයේ වෙසෙන වාර්ගික සුළුතර ජන කණ්ඩායමකි. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ නමුත් 1982 සම්මත කරන ලද මියන්මාරයේ පුරවැසිභාවය පිළිබඳ නීතිය යටතේ ඔවුන්ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරන ලදී. එමඟින් රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා රටක් නොමැති ජන කණ්ඩායමක් බවට පත් කරන ලදී. මියන්මාර ආණ්ඩුව දශක ගණනක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ මෙම ජනයා අනවසර සංක්‍රමණිකයන් සහ 'බෙංගාලී' ජාතිකයන් ලෙස චෝදනා කර, ඔවුන්ව සියලු අවස්ථාවල දැඩි ලෙස වෙනස්කොට සැලකීමට ලක් කරනු ලැබේ.  1970 දශකයේ සිට රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙමින් පවතී. මියන්මාර ආණ්ඩුව සහ අන්තවාදී බෞද්ධ භික්ෂූහු දිනපතා රෝහින්ග්‍යා ජනයාට එරෙහිව දරුණු අපරාධ සිදු කරමින් සිටිති.  2016 අග භාගයේ දී මියන්මාර හමුදාව, පොලිසිය සහ අන්තවාදී බෞද්ධ භික්ෂූන් විසින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් දියත් කරන ලදී. නීති විරෝධී ඝාතන, අධිකරණ ක්‍රියාවලියකින් බැහැර මරණ දඬුවම්, සමූහ දූෂණ, රෝහින්ග්‍යා ගම්මාන, ව්...

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

Image
මු ල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය යනු ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය තුළ විශේෂයෙන්ම අවසන් අදියරේදී සංහාරය වූ දෙමළ ජනතාව ස්මර්ණය කරනු ලබන දිනය යි. එය සෑම වසරකම මැයි 18 වන දින පවත්වනු ලබන අතර එම දිනය නම් කර ඇත්තේ සහ ස්මරණය පවත්වනු ලබන්නේ යුද්ධයේ අවසන් ප්‍රහාර එල්ල වූ සහ විශාල සංඛ්‍යාවක් මියගිය කුඩා බිම් තීරයක් වන මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යි. මෙම වසරේ මුල්ලිවායික්කාල් ස්මරණය පවත්වනු ලැබුවේ 14 වෙනි වසරට යි.  යුද්ධයේ අවසාන අදියරේදී දහස් සංඛ්‍යාත දෙමළ ජනයා මුල්ලිවායික්කාල් හි කුඩා බිම් තීරුවකට කොටු වූ අතර ඉන් බොහෝ පිරිසක් බෝම්බ ප්‍රහාර හමුවේ සේම සාගතයෙන් සහ බෙහෙත් නොමැතිකම හේතුවෙන් ද ඝාතනය වූහ. එම අවසන් මාස කිහිපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කිහිපයක් නිකුත් වී ඇත(1).   එක්සත් ජාතීන්ගේ සංවිධානය, සංගණන සංඛ්‍යාලේඛන සහ ලෝක බැංකු දත්ත ඇතුළු විවිධ මූලාශ්‍ර පරීක්ෂා කිරීමෙන් පසු ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සොයා ගනු ලැබුවේ යුද්ධයේ අවසන් අදියරේදී මියගිය සංඛ්‍යාව 169,796 ක් තරම් විශාල විය හැකි බවයි(2). කෙසේ වෙතත් ...