Posts

Showing posts from May, 2022

මුල්ලිවයික්කාල් ස්මරණය

Image
මු ල්ලිවයික්කාල් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් ප්‍රදේශයේ පිහිටි ගම්මානයකි. මෙම ප්‍රදේශය යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා රජය විසින් යුධ මුක්ත කලාපයක් ලෙස නම් කරන ලදී. යුධ මුක්ත කලාපයක් යනු යුද්ධයක දී යුධ ප්‍රහාර එල්ල නොකරන, යුද්ධයට මැදි වූ සිවිල් ජනයාගේ ආරක්ෂාව සඳහා යුද්ධය සිදු කරන පාර්ශව අතර එකඟතාවයෙන් නම් කරන බිම් ප්‍රදේශය යි.  2009 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් එල්ටීටීඊය සමඟ එකඟතාවයකින් තොරව එල්ටීටීඊ පාලන ප්‍රදේශ තුළ අවස්ථා තුනක දී යුද මුක්ත කලාප තුනක් ඒකපාර්ශ්විකව නිවේදනය කර ස්ථාපිත කරන ලදී. එම යුධ මුක්ත කලාප සෑම එකක්ම කලින් එකට වඩා ප්‍රමාණයෙන් කුඩා විය.  යුධ මුක්ත කලාපවලට යුධ ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ තහනම් වන නමුත් ශ්‍රී ලංකා රජය විසින්, මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල් සහ නිවාස ද ඉලක්ක කරන දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලදී. අවසාන වශයෙන් ජීවිත බේරා ගැනීම සඳහා යුද මුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මුල්ලිවයික්කාල් කුඩා බිම්කඩ වෙත දෙමළ වැසියන් පලා ගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 40,000 - 70,000 අතර ද