Posts

Showing posts from June, 2021

කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය

Image
ජූ නි 26 වැනි දිනට යෙදී ඇති කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත් ‍ යන්තර දිනය වෙනුවෙනි. වධහිංසාව සමාජයෙන් තුරන් කිරීම සමාජ පරිහානිය වළක්වාලීමේ එක්ක් ‍ රමයකි. එහෙයින් හිංසාව සහ වධදීම වැළැක්වීම සදහා අන්තර් ජාතික හා දේශීය නීති සම්මත වී ඇත. නමුත් වධ හිංසා වැළැක්වීමට ඒ සියල්ල සමත් වී නොමැති වුවද යම් පාලනයකට එමගින් මග පෑදී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 26 වැනි දින කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත් ‍ යන්තර දිනය ලෙස ප් ‍ රකාශයට පත් කර ඇත. සාධාරණ හා යුක්තිගරුක සමාජයක් හා මනුෂ් ‍ ය ගරුත්වය සුරකින රාජ් ‍ ය තන්ත් ‍ රයක් වෙනුවෙන් මෙවැනි දිනයක් සංකේතවත් කරනු ලබයි. වධහිංසාව අපරාධයක් ලෙස නැවත සිහි ගැන්වීමටත් ඊට එරෙහිව තව දුරටත් හඩ නැගීමටත් ජාත් ‍ යන්තර හා ජාතික මට්ටමෙන් විවිධ වැඩසටහන් මෙදින ක් ‍ රියාත්මක කෙරේ. ලොව පුරා ප් ‍ රචණ්ඩකාරී දේශපාලන සංස්ථාවන් තුළ වධහිංසාව නැමති ප් ‍ රපංචය මානව ගරුත්වය කෙළෙසීමට යොදා ගැනීම නිසාවෙන් 1984 දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි ජාත් ‍ යන්තර සම්මුතිය සම්මත කර ගන්නා