Posts

Showing posts from January, 2022

International Holocaust Remembrance Day

Image
  සෑ ම වසරකම ජනවාරි 27 වෙනිදා ජර්මනියේ යුදෙව් සමූල සංහාරය ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සමරනු ලබනවා. මෙම දිනය ස්මරණය කරන්නේ නාසි ජර්මනියේ අවුෂ්විට්ස් සිර කඳවුර නිදහස් කරගැනීම සහ 1933 - 1945 කාලය තුළ සමූල ඝාතනයට ලක් වූ මිලියන 6ක් හා නාසිවාදයේ ගොදුරු බවට පත් වූ වෙනත් මිලියන ගණනක යුදෙව්වන්ට ගෞරවාචාර දැක්වීම සඳහා යි. ඒ වගේම මේ දිනය, වාර්ගික සම්භවය හෝ ආගමික විශ්වාසය මත පදනම්ව තනි පුද්ගලයන්ට හෝ ප්‍රජා කණ්ඩායම්වලට එරෙහිව ලොව පුරා  සිදු වන ආගමික නොඉවසීම, උසිගැන්වීම්, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම සඳහා යොදා ගන්නවා. වර්ග සංහාරයක් කියන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියාවක්. 1948 දී "වර්ග සංහාර වැළැක්වීම සහ දණ්ඩනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය" සම්මත වුණා. සම්මුතිය මඟින් වර්ග සංහාරය අන්තර්ජාතික අපරාධයක් බවට හඳුනා ගනු ලබනවා. 1998 වසරේදී ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයකදී වර්ග සංහාර අපරාධය කිරීම සම්බන්ධයෙන් වරදරකරු බවට පුද්ගලයෙක්ව විනිශ්‍ය කරනු ලැබුවා. ඒ රුවන්ඩාවේ ටබා නම් නගරයේ නගරාධිපතිවරයෙක් ව