Posts

Showing posts from September, 2021

உலக சமாதான தினம்

Image
உ லக சமாதான தினம் ஒவ்வொரு ஆண்டும் செப்டம்பர் 21 அன்று கொண்டாடப்படுகிறது.  நாட்டினுள்ளே மட்டுமன்றி  நாடுகளுக்கு இடையேயான சமாதான இலட்சியங்களை வலுப்படுத்த இந்த நாளானது அர்ப்பணம் செய்யப்பட்டுள்ளது. 2021 உலக சமாதான தினத்தின் தொனிப்பொருளாக அமைவது  "நீதியான மற்றும் நியாயம் மிக்க உலகத்திற்காக சிறந்த ஆரோக்கியத்தை பெற்றுக்கொள்ளுதல்" என்பதாகும்.   கொவிட் தொற்றினால் மிகவும் பாதிக்கப்பட்டுள்ளவர்கள் மிகவும் குறைவான சலுகை பெற்றவர்கள்  மற்றும் பின்தங்கிய மக்களாவர்.  2021 ஏப்ரல் அளவில் உலகம்  முழுவதிலும் கொவிட் -19 இற்கான தடுப்பூசியானது 687 மில்லியனுக்கும் அதிகமான வழங்கப்பட்டுள்ளது. எனினும் நூறு நாடுகளுக்கு மேல் முதலாவது தடுப்பூசிகூட போடப்படவில்லை. அதேபோல சுகாதாரத்திற்காக அடிப்படையான வசதிகள் இல்லாத காரணத்தினால் குளறுபடிகளுக்கு உட்பட்ட நபர்கள் விசேட அவதானத்தினையும் பெற்றுள்ளனர்.   தொற்றுநோய்க்கு உட்பட்டவர்களை அவமானப்படுத்துதல், மாற்ற முனைதல் மற்றும் வெறுப்பிற்கு ஆளாக்குதல் போன்றவை அதிகரித்து செல்வதைக் காணக்கூடியதாக உள்ளது. நாம் யார், எங்கிருப்பவர்கள், எமது நம்பிக்கைகள் எவை? என்பன பற்றி வைரசானத

ජගත් සාම දිනය

Image
  ජ ගත් සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වනදා සමරනු ලබයි. රටවල් තුළ මෙන්ම රටවල් අතරද සාමයේ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා මෙම දිනය කැප කෙරේ.  2021 වසරේ ජගත් සාම දිනයේ තේමාව වන්නේ " සාධාරණ සහ තිරසාර ලොවක් උදෙසා වඩා හොඳින් සුවපත් වීම" යන්න යි.  කොවිඩ් වසංගතය හමුවේ වඩාත් පීඩාවට පත්ව ඇත්තේ අව වරප්‍රසාදිත සහ ආන්තිකරණය වූ කණ්ඩායම් වේ. 2021 අප්‍රේල් වන විට ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 687 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් රටවල් 100 කට වැඩි ගණනකට එක මාත්‍රාවක් හෝ ලැබී තිබුණේ නැත. සෞඛ්‍ය සඳහා ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක් වේ. වසංගතයට ගොදුරු වූ අයව අවමානයට ලක් කිරීම, වෙනස්කම් කිරීම සහ වෛරයට ලක් කිරීම ඉහළ යාම දක්නට හැකි විය. අපි කොහේ කොතැන කවුරුද, අපගේ විශ්වාසයන් මොනවාද යන්න වෛරසය සලකන්නේ නැත. මානව සංහතියේ මෙම පොදු සතුරාට මුහුණ දීමේදී අපි එකිනෙකාගේ සතුරා නොවන බව අප මතක් කර දිය යුතුය. වසංගතයෙන් සැබෑවට සුවපත් වීමට නම් අපි එකිනෙකා සමඟ සාමය ඇති කර ගත යුතු යි.  ලෝකයේ කිසිදු කලාපයක් ප්‍රචණ්ඩත්වයෙන් වියුක්තව තිබුණේ යැයි කිව නොහැ

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය

Image
අ ද (සැප්තැම්බර් 15) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම දිනය මඟින් ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්‍වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දේ. 2007 වසරේදී එක්සති ජාතීන්ගේ  මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයක් අනුව මෙම දිනය නම් කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා රජයන් දිරිමත් කිරීමයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සාර්ථක ලෙස සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය වේ. මෙම දිනයේදී පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කර දැක්වීම සහ යුක්තිය, සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එයට ඇති හැකියාව හා ජනවරම අගය කිරීම කරනු ලබයි.  කොවිඩ්-19 හේතුවෙන් ලෝකය පෙර නොවූ විරූ විශාල සමාජ, දේශපාලන හා නීතිමය අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ. අර්බුදය විසඳීම සඳහා ලොව පුරා රටවල් හදිසි පියවර අනුගමනය කරන හෙයින්, එතුළ නීතියේ ආධිපත්‍යය, යුක්තිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මුලික අයිතිවාසිකම් ආරක්ෂා වීම පිළිබඳව ගැටළු මතුව තිබේ.  සිවිල් අවකාශය හැකි