ශ්‍රී ලංකා දේශපාලනය තවමත් හැඩගස්වන නීතිය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)
Image: Lal Laxman පසුගිය ජූනි මස 4 වෙනිදා , තරුණ දෙමළ ජාතිකයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. “ H iphop S angee ” ලෙස ජනප්‍රිය , දෙමළ රැප් ගායක ගනේෂ් කුමාර් සංකීතන් ගායනා කළ ගීතයක් හේතුවෙන් PTA යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඔහුගේ අත්අඩංගුවට ගැනීම යළිත් වරක් , පැරණි නමුත් තවමත් අදාළ ප්‍රශ්නයක් මතු කළේය. එනම් , ' දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දශක ගණනාවක් පුරා විවේචනය කළ මෙම නීතිය මත ශ්‍රී ලංකාව තවමත් රඳා පවතින්නේ ඇයි ?' ද යන්න යි. දශක කිහිපයකට පෙර බලාත්මක කරන ලද එම නීතියෙහි අඛණ්ඩ භාවිතය පෙන්වා දෙන්නේ මෙම නීතිය තවමත් රටේ දේශපාලන සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති බවයි. අදත් PTA මෙතරම් විවාදයට ලක් වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමට නම් , එහි ඉතිහාසය , විවිධ ජන කණ්ඩායම්වලට හා පුද්ගලයන්ට එය ඇති කළ බලපෑම් සහ එය දිගටම පවත්වාගෙන යාමට හේතු වන දේශපාලන අවශ්‍යතා විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. PTA යනු කුමක්ද ? PTA, 1979 වර්ෂයේදී ජනාධිපති J.R. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් තාවකාලික විධිවිධානයක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඉදිරිපත් කර...