Posts

Showing posts from May, 2023

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

Image
මු ල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය යනු ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය තුළ විශේෂයෙන්ම අවසන් අදියරේදී සංහාරය වූ දෙමළ ජනතාව ස්මර්ණය කරනු ලබන දිනය යි. එය සෑම වසරකම මැයි 18 වන දින පවත්වනු ලබන අතර එම දිනය නම් කර ඇත්තේ සහ ස්මරණය පවත්වනු ලබන්නේ යුද්ධයේ අවසන් ප්‍රහාර එල්ල වූ සහ විශාල සංඛ්‍යාවක් මියගිය කුඩා බිම් තීරයක් වන මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යි. මෙම වසරේ මුල්ලිවායික්කාල් ස්මරණය පවත්වනු ලැබුවේ 14 වෙනි වසරට යි.  යුද්ධයේ අවසාන අදියරේදී දහස් සංඛ්‍යාත දෙමළ ජනයා මුල්ලිවායික්කාල් හි කුඩා බිම් තීරුවකට කොටු වූ අතර ඉන් බොහෝ පිරිසක් බෝම්බ ප්‍රහාර හමුවේ සේම සාගතයෙන් සහ බෙහෙත් නොමැතිකම හේතුවෙන් ද ඝාතනය වූහ. එම අවසන් මාස කිහිපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කිහිපයක් නිකුත් වී ඇත(1).   එක්සත් ජාතීන්ගේ සංවිධානය, සංගණන සංඛ්‍යාලේඛන සහ ලෝක බැංකු දත්ත ඇතුළු විවිධ මූලාශ්‍ර පරීක්ෂා කිරීමෙන් පසු ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සොයා ගනු ලැබුවේ යුද්ධයේ අවසන් අදියරේදී මියගිය සංඛ්‍යාව 169,796 ක් තරම් විශාල විය හැකි බවයි(2). කෙසේ වෙතත් ශ්‍රී ලංක