Posts

Showing posts from April, 2021

ජාත්‍යන්තර කම්කරු දිනය

Image
ජා ත්‍යන්තර කම්කරු දිනය සෑම වසරකම මැයි 1 වන දින කම්කරුවන් හා වැඩ කරන පන්තිය විසින් සැමරනු ලබයි. දිනකට පැය 8ක වැඩ මුරය දිනා ගැනීම සඳහා 1886 අරගලයේදී ජීවිත අහිමි වූ කම්කරුවන් සිහි කිරීම පිණිස 1889 දී මාක්ස්වාදී ජාත්‍යන්තර සමාජවාදී කොන්ග්‍රසය විසින් මැයි 1 ලෝක කම්කරු දිනය ලෙස සැමරීමට තීරණය කරන ලදී. කම්කරුවෝ 1886 මැයි 1 වන දින චිකාගෝ නුවරට රැස්වී පැය 8ක වැඩ මුරය ඉල්ලා උද්ගෝෂණය කළහ. එම උද්ගෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් කම්කරුවන් විශාල පිරිසක් ඝාතනය වූ අතර, එම ඝාතනයන්ට විරුද්ධව මැයි 4 වන දින නැවත කම්කරුවන් රැස්වූ විටද පොලිසිය විසින් එය මර්දනය කරන ලදී. නමුත් අවසානයේ පැය 8ක වැඩ මුරය නීති ගත කර ගැනීම සඳහා කම්කරුවන්ගේ අරගලය සාර්ථක විය.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ ද කම්කරු නීතීවල කුඩා සිදුරු තුළින් රිංගා අවිධිමත් ශ්‍රමය වගුරන්නන් සූරා කමින් ඉතා අවම සේවා තත්වයන් මත ශ්‍රමය ලබා ගැනීම් සුලබ වී ඇත. කොවිඩ්-19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය අවධානම් දරමින්, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ඉතා අසීරු මට්ටමක ජීවිත ගෙවන්නට කම්කරුවන්ට සිදුව ඇත. දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කිරීම සඳහා වූ වතු කම්කරුවන්ගේ ඉල්ලීමට

1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
එ ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2003 වසරේ සිට 1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. එවකට රුවන්ඩාවේ පාලන බලය හෙබ වූ අන්තවාදී හුටු ජාතිකයින් විසින් ටුට්සි නම් සුළු ජාතියට අයත් පුද්ගලයින් ඝාතනය කිරීම මෙම දිනය මඟින් සනිටුහන් කරයි. ජන සංහාරය ආරම්භ වුයේ 1994 අප්‍රේල් 6 වන දින හුටු ජනවර්ගයට අයත් එවකට රුවන්ඩාවේ ජනාධිපතිව මරා දැමීමෙනි. ජනාධිපතිව ඝාතනය කළේ කවුරුන් විසින්දැයි නිශ්චිතව නොදැන රජයේ හමුදා විසින් ටුට්සි ගරිල්ලා කණ්ඩායමක් වෙත වගකීම පවරන ලදී. ඉන් පසු අප්‍රේල් 7 වනදා ටුට්සි ජාතිකයින් ඝාතනය කිරීම ආරම්භ විය.  ගුවන් විදුලිය මඟින් ටුට්සි ජාතිකයින් "කැරපොත්තන්" ලෙස දක්වා ඔවුන් මනුෂ්‍යයින් නොවන බවට හඟවමින් ඔවුන්ව සම්පුර්ණයෙන් විනශ කර දැමිය යුතු බවට ප්‍රචරය කරන ලදී. ජනගහනයෙන් 85% ක් වූ හුටු හමුදාව සහ සිවිල් ජනතාව විසින් ටුට්සි ජාතිකයින්ව වධහිංසා පමුණුවා මරා දැමූ අතර මිලියන දෙකක් පමණ ටුට්සි ජාතිකයින්ව පිටුවහල් කරන ලදී. ජන සංහාරයේදී දහස් ගණන් කාන්තාවන් ලිංගික අපරාධයන්ට ලක් විය, පවුල් කැඩී වෙන් විය, දරුවන් අනාථ විය. සංහාරය ආරම්භ