Posts

Showing posts from March, 2023

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

Image
සටහන - ඉසුරු එදිරිසිංහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act) (PTA) කියන්නේ මොකක්ද? 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සම්බන්ධ කාරණා සඳහා පුද්ගලයන්, පුද්ගල කණ්ඩායමක් හෝ සංගමයක් පිළිබඳව ක්‍රියා කිරීම සඳහා තාවකාලික විධිවිධාන සැළසීමට ගෙන ආ පනතකි. ජේ.ආර්. ජයවර්ධන රජය විසින් එක් දිනක් තුළ සම්මත කරගත් මෙම තාවකාලික විධිවිධාන පනත 1982 අංක 10 දරණ සංශෝධිත පනත ලෙස ස්ථිර පනතක් ලෙස සම්මත කරන ලදී. මෙය 1988 අංක 22 ලෙසත්, 2022 අංක 12 ලෙසත් නැවතත් සංශෝධනය විය. පනතේ දැක්වෙන වැරදි සහ දඬුවම් මොනවාද ? මෙම පනතට අදාළ වන මූලික වචන වන ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදියා යන ඒවා සම්බන්ධයෙන් කිසිම අදහසක් දෙන ආකාරයේ පැහැදිලි කිරීමක් මෙම පනතෙහි ඇතුළත් නොවේ. මෙහි සාමාන්‍ය අපරාධ ගණයට වැටෙන් ක්‍රියාකාරකම් ද ඇතුළත්ව යම් යම් වැරදි සහ ඒවාට අදාළ දඬුවම් දක්වා ඇත.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2 (1)  (අ) දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ අවුරුදු හතකට නොඅඩු සිරදඬුවම් ලැබිය හැකි වරදවල් වන යම් නිශ්චිත පුද්ගලයෙකුගේ මරණයට හේත