International Day for the Elimination of Violence Against Women
International Day for the Elimination of Violence Against Women එ ක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ( International Day for the Elimination of Violence Against Women ) ලෙස නොවැම්බර් 25 නම් කර ඇත.මෙහි මූලික අරමුණ වන්නේ ලොව පුරා කාන්තාවන් ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය සහ වෙනත් ආකාරයේ හිංසනයන්ට ලක්වන බව දැනුවත් කිරීමයි. දෙසැම්බර් 10 මානව හිමිකම් දිනයට පෙර යෙදෙන “ක්රියාකාරීත්වයේ දින 16” ආරම්භ වන්නේ කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙනි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2015 වාර්තාවකට අනුව, කාන්තාවන්ගෙන් 90% ක් අවම වශයෙන් එක් වරක්වත් පොදු ප්‍රවාහන සේවයට ලිංගික හිරිහැරවලට ලක්ව ඇත. 2020 පළමු දින 15 තුළ ස්ත්‍රී දූෂණ 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය 33.6% ක් වේ. මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මධ්‍යයේ ඔවුනට අත් වී ඇති ඉරණම ඉතා සෝචනීය ය. කොවිඩ්-19 දෙවන රැල්ල ව්‍යාප්තියත් සමඟ ආහාර නොමැත...