International Day for the Elimination of Violence Against Women

 International Day for the Elimination of Violence Against Women



ක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය (International Day for the Elimination of Violence Against Women) ලෙස නොවැම්බර් 25 නම් කර ඇත.මෙහි මූලික අරමුණ වන්නේ  ලොව පුරා කාන්තාවන් ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය සහ වෙනත් ආකාරයේ හිංසනයන්ට ලක්වන බව දැනුවත් කිරීමයි. දෙසැම්බර් 10 මානව හිමිකම් දිනයට පෙර යෙදෙන “ක්‍රියාකාරීත්වයේ දින 16” ආරම්භ වන්නේ කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙනි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2015 වාර්තාවකට අනුව, කාන්තාවන්ගෙන් 90% ක් අවම වශයෙන් එක් වරක්වත් පොදු ප්‍රවාහන සේවයට ලිංගික හිරිහැරවලට ලක්ව ඇත. 2020 පළමු දින 15 තුළ ස්ත්‍රී දූෂණ 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය 33.6% ක් වේ. මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මධ්‍යයේ ඔවුනට අත් වී ඇති ඉරණම  ඉතා සෝචනීය ය. කොවිඩ්-19 දෙවන රැල්ල ව්‍යාප්තියත් සමඟ ආහාර නොමැතිව බෝඩිම් කාමරවලට කොටු වුණු, මාසික වේතන නොලැබුණු ඇඟලුම් සේවිකාවන්ගේ අත්දැකීම් පසුගිය සමයේ සමාජ ජාලාවල සැරිසැරීය. එසේම වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වන වතු කම්කරුවන් තවමත් රු.1000/=ක වත් දෛනික වැටුපක් නොලබා අපේ රටේ ආර්ථිකය ඔසවා ගෙන සිටිති. මීට අමතරව විදෙස් ගත ශ්‍රී ලාංකික  කාන්තා ශ්‍රමිකයින්  දින පතා කෙතරම් ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වන්නේ ද?

කොවිඩ්-19 වසංගතය තුළ කාන්තාවන්ට එරෙහි හිංසනය ඉහළ ගොස් ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ව්‍යසනකාරී තත්වයන් විසින් කාන්තාවන් මුහුණ දෙන අවදානම් වැඩි කරන බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් ශාරීරිකව පමණක් නොව සයිබර් අවකාශයේ දී ද අපයෝජනයට ලක් වේ. අන්තර්ජාල භාවිතයේ  පුළුල් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අන්තර්ජාල හිරිහැර කිරීම වසර ගණනාවක් තිස්සේ ඉහළ යමින් තිබේ.

ආගම, සංස්කෘතිය, සදාචාරය තුළ ද කාන්තාවන් වීම නිසාම හිරිහැරයන්ට හා වෙනස්කම්වලට ලක් වීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදු වී ඇත. ඒ අතර රජය විසින් කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 15% බද්දක් හඳුන්වා දී තිබේ. රටේ ආර්ථිකයේ බොහෝ අංශවල කාන්තා සහභාගීත්වය කෙතරම් පුළුල් වුවත්, කාන්තා හිංසනයට එරෙහිව තවමත් අඛණ්ඩව අරගල කරන්නට සිදුව තිබේ. 

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන් වශයෙන් අපි කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් එරෙහිව හඬ නගමු. 


Act Now

25/11/2020


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்