ජාත්‍යන්තර කම්කරු දිනය
ජා ත්‍යන්තර කම්කරු දිනය සෑම වසරකම මැයි 1 වන දින කම්කරුවන් හා වැඩ කරන පන්තිය විසින් සැමරනු ලබයි. දිනකට පැය 8ක වැඩ මුරය දිනා ගැනීම සඳහා 1886 අරගලයේදී ජීවිත අහිමි වූ කම්කරුවන් සිහි කිරීම පිණිස 1889 දී මාක්ස්වාදී ජාත්‍යන්තර සමාජවාදී කොන්ග්‍රසය විසින් මැයි 1 ලෝක කම්කරු දිනය ලෙස සැමරීමට තීරණය කරන ලදී. කම්කරුවෝ 1886 මැයි 1 වන දින චිකාගෝ නුවරට රැස්වී පැය 8ක වැඩ මුරය ඉල්ලා උද්ගෝෂණය කළහ. එම උද්ගෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් කම්කරුවන් විශාල පිරිසක් ඝාතනය වූ අතර, එම ඝාතනයන්ට විරුද්ධව මැයි 4 වන දින නැවත කම්කරුවන් රැස්වූ විටද පොලිසිය විසින් එය මර්දනය කරන ලදී. නමුත් අවසානයේ පැය 8ක වැඩ මුරය නීති ගත කර ගැනීම සඳහා කම්කරුවන්ගේ අරගලය සාර්ථක විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ ද කම්කරු නීතීවල කුඩා සිදුරු තුළින් රිංගා අවිධිමත් ශ්‍රමය වගුරන්නන් සූරා කමින් ඉතා අවම සේවා තත්වයන් මත ශ්‍රමය ලබා ගැනීම් සුලබ වී ඇත. කොවිඩ්-19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය අවධානම් දරමින්, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ඉතා අසීරු මට්ටමක ජීවිත ගෙවන්නට කම්කරුවන්ට සිදුව ඇත. දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කිරීම සඳහා වූ වතු කම්කරුවන්ගේ ඉල්ල...