ජාත්‍යන්තර කම්කරු දිනය



ජාත්‍යන්තර කම්කරු දිනය සෑම වසරකම මැයි 1 වන දින කම්කරුවන් හා වැඩ කරන පන්තිය විසින් සැමරනු ලබයි. දිනකට පැය 8ක වැඩ මුරය දිනා ගැනීම සඳහා 1886 අරගලයේදී ජීවිත අහිමි වූ කම්කරුවන් සිහි කිරීම පිණිස 1889 දී මාක්ස්වාදී ජාත්‍යන්තර සමාජවාදී කොන්ග්‍රසය විසින් මැයි 1 ලෝක කම්කරු දිනය ලෙස සැමරීමට තීරණය කරන ලදී.


කම්කරුවෝ 1886 මැයි 1 වන දින චිකාගෝ නුවරට රැස්වී පැය 8ක වැඩ මුරය ඉල්ලා උද්ගෝෂණය කළහ. එම උද්ගෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් කම්කරුවන් විශාල පිරිසක් ඝාතනය වූ අතර, එම ඝාතනයන්ට විරුද්ධව මැයි 4 වන දින නැවත කම්කරුවන් රැස්වූ විටද පොලිසිය විසින් එය මර්දනය කරන ලදී. නමුත් අවසානයේ පැය 8ක වැඩ මුරය නීති ගත කර ගැනීම සඳහා කම්කරුවන්ගේ අරගලය සාර්ථක විය. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ ද කම්කරු නීතීවල කුඩා සිදුරු තුළින් රිංගා අවිධිමත් ශ්‍රමය වගුරන්නන් සූරා කමින් ඉතා අවම සේවා තත්වයන් මත ශ්‍රමය ලබා ගැනීම් සුලබ වී ඇත. කොවිඩ්-19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය අවධානම් දරමින්, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ඉතා අසීරු මට්ටමක ජීවිත ගෙවන්නට කම්කරුවන්ට සිදුව ඇත. දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කිරීම සඳහා වූ වතු කම්කරුවන්ගේ ඉල්ලීමට දැන් වසර 6කුත් ගෙවී ගොසිනි. එදා මෙදා තුර ආණ්ඩු සිදු කරමින් සිටින්නේ  කම්කරු නීති ශක්තිමත් කරමින් කම්කරු අයිතිවාසිකම් කප්පාදුව වැළැක්වීමට කටයුතු කරනු වෙනුවට සේව්‍යයින්ගේ ලාභ ලැබීමේ පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටීම යි.


අපේ රටේ ආර්ථිකය ඔසවා ගෙන සිටින වතු කම්කරු ජනතාව ඇතුළු සියලු වැඩ කරන ජනතාවට අපගේ ආදරය සහ ආචාරය. කම්කරුවන්ව දේශපාලන පක්ෂවලට මැයි දිනයට පමණක් වුවමනා වන පිරිසක් නොවෙන කම්කරු දිනයක් වේවා!





Comments

Popular posts from this blog

The Long Road to Justice: The Unfinished Struggle of the Mothers of the Disappeared

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව