කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය

ජූනි 26 වැනි දිනට යෙදී ඇති කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත්යන්තර දිනය වෙනුවෙනි.

වධහිංසාව සමාජයෙන් තුරන් කිරීම සමාජ පරිහානිය වළක්වාලීමේ එක්ක්රමයකි. එහෙයින් හිංසාව සහ වධදීම වැළැක්වීම සදහා අන්තර් ජාතික හා දේශීය නීති සම්මත වී ඇත. නමුත් වධ හිංසා වැළැක්වීමට ඒ සියල්ල සමත් වී නොමැති වුවද යම් පාලනයකට එමගින් මග පෑදී ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 26 වැනි දින කෲර හා අමානුෂික වධහිංසාවට ලක්වූවන් ට සහය පළ කිරීමේ ජාත්යන්තර දිනය ලෙස ප්රකාශයට පත් කර ඇත. සාධාරණ හා යුක්තිගරුක සමාජයක් හා මනුෂ්ය ගරුත්වය සුරකින රාජ්ය තන්ත්රයක් වෙනුවෙන් මෙවැනි දිනයක් සංකේතවත් කරනු ලබයි.
වධහිංසාව අපරාධයක් ලෙස නැවත සිහි ගැන්වීමටත් ඊට එරෙහිව තව දුරටත් හඩ නැගීමටත් ජාත්යන්තර හා ජාතික මට්ටමෙන් විවිධ වැඩසටහන් මෙදින ක්රියාත්මක කෙරේ.
ලොව පුරා ප්රචණ්ඩකාරී දේශපාලන සංස්ථාවන් තුළ වධහිංසාව නැමති ප්රපංචය මානව ගරුත්වය කෙළෙසීමට යොදා ගැනීම නිසාවෙන් 1984 දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි ජාත්යන්තර සම්මුතිය සම්මත කර ගන්නා ලදි. මේ අනුව වධහිංසාව විශ්වීය ලෙස නීතිවිරෝධි බව සක්ෂාත් කර ඇත. ජාත්යන්තර ප්රජාව හමුවේ වධහිංසාවට එරෙහි ක්රියාකාරී ප්රබල සම්මුතිය මෙය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙවැනි ජාත්යන්තර සම්මුතීන් සැකැස්මේ මූලික අරමුණක් වන්නේ එහි සාමාජික රාජ්යයන් එම ලේඛන වල ඇතුලත් මූල ධර්මයන් ,සංකල්පයන් තම තමන් ගේ ස්වාධීන රාජ්යන් තුල නීති රීති ප්රතිපත්ති සැකසීමේ දී අදාළ කර ගැනීම හා ඒවාට අනුකූලව සකස් කර ගැනීමයි.
මෙම සම්මුතියේ අර්ථ දැක්වීමට අනුව වධ දීම යනු ,
යම් තැනැත්තකු/ තැනත්තන් ගෙන් පාපොච්ඡාරණයක් ලබා ගනු වස් හෝ තෙවැනි පාර්ශව යක් පිළිබද තොරතුරු ලබා ගැනීමට හෝ එම තැනැත්තා/ තැනැත්තන් තුන්වන පාර්ශවයක් විසින් කරනු ලැබු කිසියම් ක්රියාවකට දඩුවමක් වශයෙන් නැතහොත් එමතැනැත්තා /තැනැත්තන් විසින් කිසියම් ක්රියාවක් කළා යැයි සැක කිරීම මත දඩුවම් කිරීම හෝ තර්ජනයෙන් බය ගන්වා බලහත්කාරී ලෙස කිසියම් ක්රියාවක් කරවීම හෝ කිසියම් ක්රියාවක් කිරීම වැළැක්වීම හෝ මොනයම් හෝ හේතුවක් මත වෙනස් ලෙස සැලකීමෙන් රජයේ නිලධාරියකු හෝ එම නිල තත්වයෙන් කටයුතු කරන වෙනත් තැනැත්තෙකු විසින් හෝ එම නිලධරයාගේ මුල් වීමෙන් හෝ කැමැත්ත ඇතිව හෝ වෙනත් යම් තැනැත්තෙ කු හෝ තැනැත්තන් විසින් තවත් පුද්ගලයකුට / පුද්ගලයන්ට හිතාමතාම දැඩිව ශාරිරිකව හෝ මානසික වේදනා හෝ හිරිහැර ගෙන දෙන්නාවු කාර්යයකි.
ශ්රී ලංකාව 1993 දෙසැම්බර් මස මෙම සම්මුතිය පිළිගනිමින් ශ්රි ලංකාව තුල එය බලාත්මක කිරීමට 1994 අංක 22 දරණ වධහිංසාවට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට දඩුවම් වලට එරෙහි ව වූ සම්මුතිය පනත හදුන්වා දී ඇත. මෙම පනතේ ප්රතිපාදන මගින් වධහිංසාව දණ්ඩනීය වරදක් ලෙස දක්වා ඇති අතර වරද කරුවකු වීම වසර 7 කට නොඅඩු 10 කට නොවැඩි සිර දඩුවමක් ලබන බව සදහන් ය. මෙම වරද ඇප දිය නොහැකි වරදක් වන අතර නඩුව ඇසීමේ බලය මහාධිකරණයට පැවරී ඇති අතර නීතිපති වරයා පැමිණිල්ල ( අධිචෝදනාව ) ගොනුකරනු ලබයි.
අත් අඩංගුවට පත්වුවන් ට වධහිංසා පැමිණවීම (Torture) දීර්ඝ ඉතිහාසයක් ඇති දේශපාලන ප්රපංචයකි.
ලෝක ඉතිහාසය තුල ලිඛිත සාක්ෂි අනුව අත් අඩංගුවට පත්වුවන් ට වධහිංසා පැමිණවීම ඊජිප්තුවේ දෙවන රැම්සෙස් රජු ගේ පාලන සමයට හා ග්රීක ශිෂ්ඨාචාරය දක්වා දිවයයි. ශ්රි ලංකා වේ ලිඛිත කරුණු අනුව රොබට් නොක්ස් ගේ ‘එදා හෙළ දිව කෘතිය තුල දෙවන රාජසිංහ රජු සමයේ යුක්තිය පසිදලීමේදී ලබා දෙන දඩුවමක් ලෙස වධ හිංසාව යොදා ගත් බව සදහන් වේ. එසේම සිංහලේ ආණ්ඩු ක්රම පිළිබද සර් ජෝන් ඩොයිලිගේ ලුහුඩු සටහන් කෘතිය තුල මහ නුවර යුගයේ පැවති කෲර හා අමානුෂික දඩුවම් පිළිබදව සදහන්වේ.
එකල යුරෝපීය රාජ්යන් අතරින් ප්රංශය හා ස්පාඤ්ඤය වධ දීමේ ක්රම භාවිතයට ප්රසිද්ධව තිබී ඇත.
මිනිස් ශිෂ්ඨාචාරයේ ඉදිරි පිම්මක් ලෙස ලෝකයේ වධහිංසාව මුලින් උපුටා දැමීමට පෙරමුණ ගනු ලැබුනේ ප්රංශ විප්ලවයෙන් පසු යුරෝපා සමාජයයි.
එසේම ශ්රි ලංකා ඉතිහාසය තුලද වදහිංසා වලට එරෙහිව නීති සම්පාදනය වීමේ රීති වලට සැලකිය යුතු ඉතිහාසයක් ඇති අතර 1815 උඩරට ගිවිසුමේ වධ හිංසාවට එරෙහි ප්රථම න්යිතික විධිවිධාන ඇතුලත්ය.
වධ හිංසාව ට එරෙහි ව ඉතාමත් පුලුල් පරාසයක දිවෙන නීතිමය රැකවරණයක් ශ්රී ලාංකිකයන් ට ඇත. කෲර හා අමානුෂික වධහිංසාවලින් අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැළකී සිටීමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇතුලත් කිරීම මගින් මුලික අයිතිවාසිකම් කඩ වීම් හෝ අත්යසන්න කඩවීම් පිළිබදව ශ්රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට හෝ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ඕනෑම පුද්ගලය කුට හැකියාව ඇත. කෲර හා අමානුෂික වධහිංසාවලින් අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැළකී සිටීමේ මුලික අයිතිය පුරවැසියන්ට පමණක් සීමාවූ අයිතියක් නොවන අතර එය ඕනෑම තැනැත්තෙකුට හිමි අයිතියක් ලෙස සදහන් ය. එසේම මෙම අයිතිය ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ 15 වගන්තියේ සදහන් ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, මහජන පැවැත්ම, සදාචාරය හෝ මහජන සෞඛ්ය වැනි කරුණු පදනම් කොට සීමා කළ නොහැක.
වධහිංසාවට එරෙහිව දේශීය නීතිමය රැකවරණයන් මගින් සහනයක්/ පිළිසරණක් නොලැබුන අවස්ථාවක ජාත්යන්තර යාන්ත්රණයන් වෙත පුද්ගලික පැමිණිලි ගොනු කිරීමේ හැකියාව ශ්රී ලාංකිකයන් ට ඇත. ශ්රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්යන්තර සම්මුතියේ තනි පුද්ගල පැමිණිලි යොමු කිරීමේ වයිකල්පිත සන්ධානයේ පාර්ශව කරුවකු වීම හා ඊට එකගව ඇති නිසා මෙතෙක් එවැනි පැමිණිලි යොමු කිරීම් සිදුවූයේ මානව හිමිකම් කමිටුව වෙත ටය. නමුත් කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි ජාත්යන්තර සම්මුතියේ 22 වගන්තිය අනුව රාජ්යන්ට ඕනෑම අවස්ථාවක එම සම්මුතිය මගින් ස්ථාපනයවී ඇති වධහිංසාවන් ට එරෙහි කමිටුව වෙත පැමිණිලි යොමු කීරීමේ අවස්ථාව පිළි ගැනීමට හැකියාව ඇත. 2016. 08.16 සිදු කර ඇති එකී පිළි ගැනීම අනුව එදින සිට එම අවස්ථාවද ශ්රී ලාංකිකයන් ට ලැබී ඇත.
නීතිමය රැකවරණය කොතරම් පුලුල් වුවද ශ්රී ලංකාව තුල වධහිංසා අඛණ්ඩව සිදුවේ. වධහිංසාවට ලක්වන වින්දිතයන් නිරීක්ෂණ යේ දී අනාවරණය වන සත්ය නම් ඊට බොහෝ විට ගොදුරුවන්නේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් අහිමි වුවන් ය. එමගින් මානව හිමිකම් එකිනෙක බැදී පවතින බව, එකිනෙක මත යැපෙන බව හා එකට එක වෙන් කළ නොහැකි බව තහවුරු වේ.

නීතිඥ සමන්ති ජයමාන්න පරණගම

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்