International Holocaust Remembrance Day


 

සෑම වසරකම ජනවාරි 27 වෙනිදා ජර්මනියේ යුදෙව් සමූල සංහාරය ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සමරනු ලබනවා. මෙම දිනය ස්මරණය කරන්නේ නාසි ජර්මනියේ අවුෂ්විට්ස් සිර කඳවුර නිදහස් කරගැනීම සහ 1933 - 1945 කාලය තුළ සමූල ඝාතනයට ලක් වූ මිලියන 6ක් හා නාසිවාදයේ ගොදුරු බවට පත් වූ වෙනත් මිලියන ගණනක යුදෙව්වන්ට ගෞරවාචාර දැක්වීම සඳහා යි. ඒ වගේම මේ දිනය, වාර්ගික සම්භවය හෝ ආගමික විශ්වාසය මත පදනම්ව තනි පුද්ගලයන්ට හෝ ප්‍රජා කණ්ඩායම්වලට එරෙහිව ලොව පුරා  සිදු වන ආගමික නොඉවසීම, උසිගැන්වීම්, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම සඳහා යොදා ගන්නවා.


වර්ග සංහාරයක් කියන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියාවක්.


1948 දී "වර්ග සංහාර වැළැක්වීම සහ දණ්ඩනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය" සම්මත වුණා. සම්මුතිය මඟින් වර්ග සංහාරය අන්තර්ජාතික අපරාධයක් බවට හඳුනා ගනු ලබනවා. 1998 වසරේදී ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයකදී වර්ග සංහාර අපරාධය කිරීම සම්බන්ධයෙන් වරදරකරු බවට පුද්ගලයෙක්ව විනිශ්‍ය කරනු ලැබුවා. ඒ රුවන්ඩාවේ ටබා නම් නගරයේ නගරාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කළ ජීන් පෝල් අකායේසු නම් පුද්ගලයාට එරෙහිව.  


අපි ජීවත් වෙන්නේ ජනවාර්ගික වෙනස්කම් මත වෛරය සහ ප්‍රචණ්ඩත්වය පතුරවන ලද, පතුරමින් සිටින රටක සහ ලෝකයක. අනෙකා මට වඩා වෙනස් අනන්‍යතා දැරීම පිළිගැනීමට හුරු වීම වගේම අපි ජීවත් වෙන ජන සමාජයේ සැබෑ අතීතය අධ්‍යනය කර මිනිසුන්ට අත් වූ අමානුෂික ඉරණම් හඳුනාගෙන අපිට වුවමනා වන්නේ කෙබඳු අනාගතයක්දැයි තෝරා බේරා ගැනීමත් වැදගත්. 


සංහාරයට ලක් වූ මිලියන සංඛ්‍යාත තම ඥාතීන් ස්මරණය කරන යුදෙව් ජනයා අපිට සිහිපත් කරන්නේ අපේ මතකය අපේ අනාගතයේ දිශානතිය තෝරා ගැනීම සඳහා අපිට ඇති මාලිමාව බව යි. 


Comments

Popular posts from this blog

The Long Road to Justice: The Unfinished Struggle of the Mothers of the Disappeared

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව