Posts

Showing posts from February, 2026

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

Image
2026 පෙබරවාරි 20 වන දිනට උතුරු - නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ පවුල් විසින් මහමග අඛණ්ඩ විරෝධතාවය ආරම්භ කර වසර නවයක් සනිටුහන් විය. 2017 දී අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ පිළිතුරු ඉල්ලීමේ වේදනාකාරී ආයාචනයක් ලෙස ආරම්භ මෙම අරගලය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම අඛණ්ඩ අරගලය බවට පත්ව ඇත. දශකයකට ආසන්න කාලයක් තිස්සේ අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ  මව්වරු, පියවරු, භාර්යාවෝ සහ සහෝදර සහෝදරියෝ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල තම ප්‍රියාදරයන්ගේ ඡායාරූප ඔසවාගෙන විරෝධතා දක්වමින් සිටිති. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට 2009 යුද්ධයේ අවසාන අදියරවලට වඩා බොහෝ සෙයින් ඈතට විහිදෙන දිගු ඉතිහාසයක් තිබේ. Amnesty International (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) විසින් සම්පාදනය කරන ලද ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල සිට ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අවම වශයෙන් 60,000 - 100,000 පමණ ගණනක් සිදුවී ඇත.(1) රජයේ නිල ජනගහණ සංඛ්‍යා ලේඛණ සහ ලෝක බැංකු නිවාස සංගණන වාර්තා මත පිහිටමින් International Truth and Justice Project සංවිධානය විසින් කළ ගණන...

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව

Image
2026 ජනවාරි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සන්නද්ධ ගැටුම ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ලේඛනගත කරන ලද පුළුල් වාර්තාවක් නිකුත් කළේය. 2009 දී සන්නද්ධ ගැටුම නිල වශයෙන් අවසන් වී වසර ගණනාවකට පසු දිවි ගලවා ගත් දෙමළ ජනයාට යුක්තිය, වගවීම සහ අර්ථවත් පිළියම් ලබා දී නැති බව වාර්තාවෙන් හෙළි විය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා සිදුවීම් නොව සන්නද්ධ ගැටුම අතරතුර සහ පශ්චාත් යුධ සන්දර්භය තුළ සිදු වූ පුළුල් අපයෝජන රටාවක කොටසකි. ලේඛනගත සිදුවීම් අතර ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකිය හැකි ස්ත්‍රී දූෂණ, වධහිංසා පැමිණවීම් සහ රැඳවුම් ස්ථානවල සහ වෙනත් සැලසුම් කරන ලද ස්ථාන තුළ සිදු කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්ව ක්‍රියා ඇතුළත් වේ.  ශ්‍රී ලංකාවේ දේශීය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයන් අසාර්ථක වී ඇති බවත්, නඩු පැවරීම් ස්වල්පයක් සහ සීමිත විමර්ශන පැවතියත් පළිගැනීමේ බිය අඛණ්ඩව පවතින බව වාර්තාව අවධාරණය කරයි. ස්වාධීන නඩු පැවරීමේ යාන්ත්‍රණයන් සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීම සඳහා ප්‍ර...

ජාත්‍යන්තර අධිකරණවල ඇසෙන රෝහින්ග්‍යා වර්ග සංහාර නඩුව

Image
  රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා යනු කවුද? රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා මියන්මාරයේ වෙසෙන වාර්ගික සුළුතර ජන කණ්ඩායමකි. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ නමුත් 1982 සම්මත කරන ලද මියන්මාරයේ පුරවැසිභාවය පිළිබඳ නීතිය යටතේ ඔවුන්ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරන ලදී. එමඟින් රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා රටක් නොමැති ජන කණ්ඩායමක් බවට පත් කරන ලදී. මියන්මාර ආණ්ඩුව දශක ගණනක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ මෙම ජනයා අනවසර සංක්‍රමණිකයන් සහ 'බෙංගාලී' ජාතිකයන් ලෙස චෝදනා කර, ඔවුන්ව සියලු අවස්ථාවල දැඩි ලෙස වෙනස්කොට සැලකීමට ලක් කරනු ලැබේ.  1970 දශකයේ සිට රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙමින් පවතී. මියන්මාර ආණ්ඩුව සහ අන්තවාදී බෞද්ධ භික්ෂූහු දිනපතා රෝහින්ග්‍යා ජනයාට එරෙහිව දරුණු අපරාධ සිදු කරමින් සිටිති.  2016 අග භාගයේ දී මියන්මාර හමුදාව, පොලිසිය සහ අන්තවාදී බෞද්ධ භික්ෂූන් විසින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් දියත් කරන ලදී. නීති විරෝධී ඝාතන, අධිකරණ ක්‍රියාවලියකින් බැහැර මරණ දඬුවම්, සමූහ දූෂණ, රෝහින්ග්‍යා ගම්මාන, ව්...