‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීම

තමන්ගේ කෙනෙක් මිය ගියාට පස්සෙ මිය ගිය කෙනා වෙනුවෙන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි තමන්ගේ ආගමේ දහමේ කියවෙන ආකාරයට එයාට ගෞරවනීය අවසාන ගමනක් ලබා දීම. කොරෝනා තත්වය නිසා ඇති වෙලා තියෙන සැකසංකා නිසා මෙසේ භූමදානය කිරීමේ අවස්ථාව අපේම ජන සමාජයේ එක් ජන පිරිසකට අහිමි වෙලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව මෙය නොකර සිටිය යුතුම දෙයක් නම් අපට ඒ සමග එකඟ වෙන්න වෙනවා. 

නමුත් භූමදානය කිසිසේත් කළ නොහැකි බවට අදහසක් ලෝකයේ නැත්නම් අපේ සමාජයේ ජීවත් වන එක ජන කොටසකගේ මිය යන අයට, ඒ අයගේ හිත් සුවපත් වෙන ආකාරයට අවසන් කටයුතු කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත්නම් අපි  කතා කරන සහකම්පනය, කරුණාව වගේ කරුණුවල එතරම් වැදගත්කමක් නැති බව ඔබ පිළිගනීවි. ඒ අයගේ ආගමේ කියවෙන විදියට තමන් ආදරය කරන කෙනාට අවසන් ගෞරව දැක්වීම සිදු කිරීමෙන් පමණයි ඔවුන් සුවපත් වන්නේ. එහෙම නොවුණොත් ඒ අය කවදාවත් සුවපත් නොවුණු  ජීවිතයක් ඉදිරි කාලෙ ගත කරයි. 


 ‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීමට උත්සහා කිරීම. අපිත් එක්කම ජීවත් වෙන එක ජන කොටසකගේ ආදරණීයයන් මිය ගියාට පස්සේ අවසන් ගෞරවය හරි විදියට කිරීමේ අවස්ථාව අහිමි වී තිබීම සහ, එහෙම අහිමි වුණාම ඒ අයට දැනෙන්නේ කොහොමද කියන එක අපිට භාවනාවක් වගේ තේරුම් ගන්න පුලුවන්. ඒක අපේ අත්දැකීමක් කරගත්තොත් ඒ දිහා බලන විදිය අපිට වෙනස් කරගන්න පුලුවන්. මා හිතනවා ඔවුන්ව සුවපත් වන ආකාරයට ඒ අයගේ මිය යන අයගේ අවසන් කටයුතු කිරීම දෙසට යන වැඩපිලිවෙලට අපි මැදිහත් වීම තමයි කරුණාව ප්‍රායෝගික කිරීම කියන්නේ. ඒ වෙනුවෙන් පෙනී හිටීමයි අපි කරුණාව භාවිතයට ගත්තා කියන්නේ. කරුණාව හුදෙක් දැනුමක් බවට පත් කරගන්නවට වඩා අපි උත්සහ කරමු ඒක ප්‍රායෝගික දෙයක් බවට පත් කරන්න. 


ගල්කන්දේ ධම්මානන්ද හිමි



Comments

Popular posts from this blog

The Long Road to Justice: The Unfinished Struggle of the Mothers of the Disappeared

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව