ජාත්‍යන්තර මානව හිමිකම් දිනය

 


ද ජාත්යන්තර මානව හිමිකම් දිනය යි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (UDHR) සම්මත කරන ලද අතර සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ජාත්යන්තර මානව හිමිකම් දිනය ලෙස සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය ජාතිය, වර්ණය, ආගම, ස්ත්රී පුරුෂ භාවය, භාෂාව, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තත්වයන් නොසලකා සෑම කෙනෙකුම මිනිසෙකු ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් ප්රකාශයට පත් කර ඇති ඓතිහාසික ලේඛනයකි. එය භාෂා 500 කට වඩා පරිවර්තනය වූ ලෝකයේ වඩාත්ම පරිවර්තනය කළ ලේඛනය ද වේ.

මෙවර ජාත්යන්තර මානව හිමිකම් දිනයේ දී මූලික වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ්-19 වසංගත තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව යි. මෙවර එහි තේමාව වන්නේ "වඩා හොඳින් ප්රකෘතිමත්වන්න - මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න" (Recover better - Stand up for human rights) යන්න යි.
ශ්රී ලංකාව තුළ ද කොවිඩ්-19 අර්බුදය වඩා තීව්ර වී ඇත්තේ දුප්පත්කම, අසමානතාවයන්, වෙනස් කොට සැලකීම් සහ වෙනත් ආකාරයේ මානව හිමිකම් කඩවීම් මඟිනි. අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප අසමානතා වසංගතයට ද විසඳුම් දිය යුතුය. ඒ සඳහා අපි ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීම හා ආරක්ෂා කළ යුතු ය. නමුත් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව මඟින් ආරක්ෂා කරන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණි. විශේෂයෙන්ම වසංගතයක් වැනි අවස්ථාවක යහපත් පුරවැසි ජීවිතයකට අත්යවශ්ය වන සෞඛ්ය සඳහා අයිතිය, අධ්යාපන අයිතිය, පාරිසරික අයිතීන් ආදි ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් තවමත් ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුලත් කර නොමැත.
එසේම අදහස් ප්රකාශ කිරීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ අයිතිය නොනිල අන්දමින් උල්ලංගණය වීමේ අවස්ථා දැකගත හැකි විය. සෞඛ්ය අයිතීන් ඉල්ලා සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම, උද්ගෝෂණ මර්දනය කිරීම, සමාජ ජාලා ක්රියාකාරීන් අත් අඩංගුවට ගැනීම, පරිසරය විනාශ කිරීම ආදිය පසු ගිය සමයේ නිරීක්ෂණය කළ හැකි සිදුවීම් වේ. සමාජ මාධ්ය තුළ සේම ප්රධාන ධාරවේ මාධ්ය මඟින් සේම ඇතැම් රාජ්ය නිලධාරීන් විසින් ද සුළු ජන කණ්ඩායම්වලට එරෙහිව ජාතිවාදය හා වෛරී ප්රකාශ පැතිරවීම ඉහළ ගියේ ය. ආසාදිතයින්ගේ පුද්ගලිකත්වය උල්ලංගණය කරමින් මාධ්ය කටයුතු කළේ ය.
වසංගතයක් වැනි විශේෂ අවස්ථාවක දී මානව හිමිකම් යම් ප්රමාණයකට සීමා කළ හැකි වුවත් එය නීත්යානුකුල හා යුක්ති සහගත විය යුතු ය. ඝාතනය, අතුරුදහන් කිරීම, අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීම, වධහිංසා කිරීම ආදිය කුමන තත්වයක් යටතේ වත් සීමා කළ නොහැකි වේ.
රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ රජයට යි. මානව හිමිකම් කඩ වීමක දී ඊට එරෙහිව නොපමාව නීතිය ක්රියාත්මක කර යුක්තිය ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු ය.
කොවිඩ්-19 න් පසුව එන ලෝකය පැවති ලෝකය නොවේ. එය මානව හිමිකම් ඇතුළු සියලුම අංශයන්ගෙන් අර්බුදයට ගිය ලෝකයක් වනු ඇත.
ඔබේ අයිතිවාසිකම් කඩ වන තුරු නොසිට ලොව කොතැනක වුව සිදුවන මානව හිමිකම් කඩ වීමකට එරෙහිව නැඟී සිටින්න. ඔබේ හඬ අවදි කරන්න.
Act Now
10/12/2020

Comments

Popular posts from this blog

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

International Day for the Elimination of Violence Against Women