WORLD DAY OF SOCIAL JUSTICE

ද (පෙබරවාරි 20) සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය යනු සමාජ අසාධාරණයට එරෙහි හඬ නැගීම මූලික තේමාව කරගත් දිනයකි. 2007 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පෙබරවාරි 20 වන දින සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය 2009 වසරේ සිට ක්‍රියාත්මක විය. සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර සැමරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දුප්පත්කම, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය සහ ශාරීරික වෙනස්කම් මත වෙනස් කොට සැලකීම, නූගත්කම තුරන් කිරීමයි. මෙම ජාත්‍යන්තර දිනය විසින් ලොව පුරා ඇති සමාජ අසාධාරණයන් ඉස්මතු කරන අතර ඒ සඳහා විසඳුම් යෝජනා කරයි. 

මෙවර සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ , “ඩිජිටල් ආර්ථිකය තුළ සමාජ සාධාරණත්වය සඳහා කැඳවීමක්.” යන්න යි. මෙවර තේමාවේ අරමුණ වන්නේ රටවල් සහ ඔවුන්ගේ ජනතාව අතර සමාජ සංවර්ධනයන්, සහයෝගීතාවය සහ සමඟිය ප්‍රවර්ධනය කිරීමයි. ඩිජිටල්මය වශයෙන් වී ඇති බෙදීම් මඟහරවා ගැනීම සහ ජනතාව අතර යහපත් රැකියා අවස්ථා ලබා දීම මඟින් ඩිජිටල් යුගයේ කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ රටවල් සමඟ සංවාදයක් ගොඩනැගීම ද මෙවර දිනයේ අරමුණ යි.

 

සමාජ සාධාරණත්වය සඳහා වූ දිනය ලංකාවට වැදගත් ඇයි? 


ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන යුද්ධයකිනුත්, විවිධ කැරලි කෝලහාල සහ ගැටුම්වලින් හානියට පත් වූ සමාජයකි. එසේම දරිද්‍රතාවය, විරැකියාව, නූගත්කම, වෙනස්කොට සැලකීම ආදි සමාජ අසාධාරණයන් එදිනෙදා ජීවිතයේ මුණ ගැසෙන සමාජයකි. එහෙත් යුද්ධයෙන් පසුව යුද්ධය ආරම්භ වීමට බලපෑ හේතුවලට ප්‍රතිකාර කර, සිදු වූ අසාධාරණයන්ට යුක්තිය ඉටු කර යුද්ධයේ තුවාල සුවපත් කිරීමට තවමත් ශ්‍රී ලංකාව සමත් වී නැත. 


කොවිඩ්-19 වසංගත සමය නව ආකාරයක සාමාජ අසාධාරණයන් බිහි කර ඇතැයි කිව හැකිය. ලෝකය පිළිගත් පරිදි කොවිඩ්-19 න් මිය යන්නන්ගේ දේහ භූමදානය කිරීමට ඉඩ නොදීම ඉන් මූලික එකකි. වසංගත තත්වය හමුව් වේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සමාජ විෂමතා, ඇති හැකි බව, නාගරික ග්‍රාමීය බව අනුව අහිමිව ගොස් තිබේ. රැකියා කප්පාදුවෙන් සහ අහිමි වීමෙන් ජනතාව මුහුණ දෙන අභියෝගයන් සුළුපටු නොවේ.  

වතුකම්කරු ජනතාව දිනක මූලික වැටුප රු: 1000/= ක් කරන ලෙස කරන ඉල්ලීමේ 6 වැනි වසර ද ගෙවී යමින් තිබේ.  

සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම මඟින් තිරසාර සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම, පූර්ණ  සහ ගෞරවනීය රැකියා  ප්‍රවර්ධනය කිරීම, විශ්වීය සමාජ ආරක්ෂාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ යහපැවැත්ම හා සැමට යුක්තිය සඳහා ප්‍රවේශය ලබා ගැනීම සඳහා ලොව පුරා ප්‍රජාවන් දරන උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කෙරේ. 


ශ්‍රී ලංකාව සමාජ අසාධරණයන්ට එරෙහිව නැගී සිටින්නේ කවදාද?





Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்