අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!

ශ් රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිමා වී අදට (මැයි 18) වසර 12 ක් සපිරේ. යුද්ධයක් යනු ජන සමාජයක් විනාශයට ඇද දමන මහා ඛේදවාචකයකි. එම නිසා විශේෂයෙන්ම රටක අභ්‍යන්තර යුද්ධයක් පිළිබඳ "ජයග්‍රහණය" ගැන කතා කිරීමම අර්ථ විරහිත වේ. එම නිසා යුද්ධයක් අවසන් වීමෙන් පසු ප්‍රගතිශීලි ජන සමාජයක් පළමුව කළ යුත්තේ "අපිට මේ සා මිනිස් ජීවිත ගණනක් අහිමි වන්නට හේතු වූයේ කුමක්ද" කියා විමසා සිටීම වේ. විශාල සිවිල් යුද්ධවලින් බැට කා පසුව සාමය හා සංහිඳියාව ස්ථාපිත කළ රටවල් කළේ, මේ ප්‍රශ්නය තමන්ගෙන් අසා ගනිමින් අතීත හදාරා, වර්තමානය තේරුම් ගනිමින් වඩා යහපත් අනාගතයක් සඳහා කටයුතු කිරීම යි. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ මූල හේතු ගැන මැදිහත් මනසකින් අවබෝධ කර ගැනීම ශ්‍රී ලංකාවේ යථාර්තය හඳුනා ගැනීමට ඔබට ඉවහල් වනු ඇත. 1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව වෙනස් අනන්‍යතා සහිත ජන කණ්ඩායම් ජීවත් වූ ශ්‍රී ලංකාව තුළ එම විවිධතා ඉස්මතු වී පෙනෙන්නට විය. එවක පාලකයින් විසින් සියලු දෙනා අන්තර් ග්‍රහණය කරගත් ආණ්ඩුකරණයක් වෙනුවට රටේ ජීවත් වූ බහුතර ජන කණ්ඩායම වූ සිංහල ජනතාව පමණක් මූලික කරගෙන රාජ්‍ය...