ජාත්‍යන්තර තරුණ දිනය

 



ද (අගෝස්තු 12) ජාත්‍යන්තර තරුණ දිනයයි. ප්‍රථම වරට ජාත්‍යන්තර තරුණ දිනය සමරන ලද්දේ 2000 වසරේ අගෝස්තු 12 දාය.  ජාත්‍යන්තර තරුණ දිනය යනු එක්සත් ජාතීන් විසින් නම් කරන ලද දැනුවත් කිරීමේ දිනයකි. තරුණ දිනයේ අරමුණ තරුණයින් වටා ඇති සංස්කෘතික හා නීතිමය ගැටලු කෙරෙහි අවධානය යොමු කරවීමයි. ජාත්‍යන්තර තරුණ දිනය, රජයන්ට තරුණයින්ට අදාළ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අවස්ථාවක් වේ. ගෝලීය ගැටලු විසඳීමට සහ තිරසර සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීමට තරුණ ප්‍රජාව ඉටු කරන කාර්යභාරය ඇගයීම වෙනුවෙන් මෙම දිනය වෙන් කර ඇත.


මෙවර දිනයේ තේමාව වන්නේ "ආහාර පද්ධති රූපාවර්තනය කිරීම - මානවයාගේ හා පෘථිවියේ සෞඛ්‍ය සඳහා තරුණ නවෝත්පාදනයන්” යන්නයි. වඩා යහපත් ලෝකයක් බිහි කිරීම සඳහා තරුණ ප්‍රජාව සාමූහිකව සහ තනි තනිව ගන්නා උත්සාහයන්ට සහය දෙන යාන්ත්‍රණ අවශ්‍ය බව ලෝකය පිළිගෙන ඇත. තරුණයින්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් තොරව එවැනි ගෝලීය වෑයම් සාර්ථක කරගත නොහැකි බව මෙවර තේමාව විසින් අවධාරණය කරයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2020 වසරේ ලොව විශාලම ජනගහන කණ්ඩායම වන්නේ ලෝක ජනගහනයෙන් 33% ක්  වන තරුණ ප්‍රජාව වේ. ඉදිරි වසර 30 තුළ ලෝක ජනගහනය බිලියන 2 කින් වැඩි වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර, වැඩි වැඩියෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් පමණක් මිනිසාගේ සහ පෘථිවියේ යහපැවැත්ම සහතික කළ නොහැකි බව හඳුනාගෙන තිබේ. දිළිඳුකම අඩු කිරීම, සමාජ අන්තර්ග්‍රහණය, සෞඛ්‍ය, ජෛව විවිධත්ව සංරක්‍ෂණය  සහ දේශගුණික විපර්යාස අවම කිරීම වැනි තීරණාත්මක අභියෝගයන්ට ද විසඳුම් සෙවිය යුතුය.


කොවිඩ් -19 මඟින් සෑම පුද්ගලයෙකුටම බලපෑම් වූ අතර, වසංගතය කළමනාකරණය කිරීමේදී සහ සුවය ලැබීමේදී තරුණයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. කොවිඩ් -19 ට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීමේදී තරුණයින්ගේ හඬට මුලිකත්වයක් දීමට වග බලා ගැනීම වැදගත් වේ.


කොවිඩ් -19 ට එරෙහිව සටන් කිරීමේදී සෞඛ්‍ය අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සාක්ෂි පදනම් කරගත් තොරතුරු, විශේෂයෙන් දුස්-තොරතුරු අභියෝගයට ලක් කිරීම සඳහා වැදගත් වේ. එහිදී ප්‍රමුඛ කාර්යක් ඉටු කළ හැක්කේ තරුණ ප්‍රජාවට වේ. 


ශ්‍රී ලංකාව දීර්ඝ කාලීනව විවිධ ප්‍රචණ්ඩතා හේතුවෙන් තරුණ ජීවිත අහිමි වූ රටකි. විශේෂයෙන් 1971 හා 1988-89 කැරලි සහ දශක තුනක් පැවති සිවිල් යුද්ධය විසින් බිලි ගත්තේ තරුණ තරුණියන්වයි. තවමත් විටින් විට ඇති කරන ජාතිවාදි ඇවිස්සීම්වලට ගොදුරු වන්නේ වැඩි වශයෙන් තරුණ ප්‍රජාව වේ. යල් පැනගිය අදහස් ඇති පාලකයින් විසින් තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණයින්ගේ සහභාගීත්වයේ ඇති වැදගත්කම හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. 


අද ලෝකය තරුණයින්ගේ ය. අපේ රට ලෝකය වෙනස් කරනු ඇත්තේ ස්වාධීන සවිඥානික තරුණ ජවයකින් පමණි. ඔබට නිවහල් චින්තනකින් හෙබි තරුණ දිනයක් වේවා! . 


මූලාශ්‍ර -

https://www.un.org/en/observances/youth-day 

https://www.visualcapitalist.com/the-worlds-population-2020-by-age/ 


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்