ජාත්‍යන්තර මානුෂවාදී දිනය

 



ද (අගෝස්තු 19) ජාත්‍යන්තර මානුෂවාදී දිනයයි. 2009 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අගෝස්තු 19 ලෝක මානුෂවාදී දිනය ලෙස නම් කරන ලදී.  මෙම දිනය නම් කළේ 2003 අගෝස්තු 19 ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි Canal හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉරාකයේ ප්‍රධාන මානුෂවාදී සේවකයෙකු  වූ Sergio Vieira de Mello ඇතුළු 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වීම සිහි කිරීම පිණිස ය. 


ලෝකය කොවිඩ්-19 වසංගතයට එරෙහිව අඛණ්ඩව සටන් කරමින් සිටින අතර මෙවර ලෝක මානුෂවාදී දිනය පැමිණේ. මානුෂික ආධාර අවශ්‍ය රටවල් 54 ක මෙන්ම, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මානුෂීය අවශ්‍යතාවයන්ට ගොදුරු වී ඇති තවත් රටවල් නවයකත් මිනිසුන්ගේ මානුෂීය අර්බුදයන්ට ආධාර කිරීම සඳහා ආධාර සේවකයින් පෙර නොවූ විරූ ලෙස සේවය කරමින් සිටිති. 


“දේශගුණික අර්බුදයට එරෙහි සටනේදී අපට කිසිවෙකු අතහැර යා නොහැක.” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය මෙවර ජාත්‍යන්තර මානුෂවාදී දිනය පිළිබඳ සඳහන් කරමින් කියයි.  2021 ලෝක මානුෂවාදී දිනය, දේශගුණික විපර්යාස මඟින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවගේ හඬට සවන් දීම සහතික කිරීම සඳහා #TheHumanRace යන හෑෂ් ටැගය යටතේ ඉදිරිපත් කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩියෙන්ම අවදානමට පාත්‍ර විය හැකි ජනතාව වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ඵලදායි  ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක නායකයින්ට බලපෑම් කිරීම මඟින් දේශගුණික විපර්යාස අර්බුදය නිසා ගෙවීමට සිදුව ඇති මානව පිරිවැය ඉස්මතු කිරීම මෙවර තේමාවේ අරමුණයි.


මානුෂවාදී සේවකයින්ට සහ ඉදිරිපෙළ සේවකයින්ට කළමනාකරණය කළ නොහැකි තරමින් දේශගුණික විපර්යාසය නිසා ලොව පුරා මහත් විනාශයක් සිදු වෙමින් පවතී. ගෝලීය දේශගුණික විපර්යාසයෙන් වඩාත්ම පීඩාවට පත්වන්නට සිදුව ඇත්තේ ඒ සඳහා අවම වශයෙන් දායක වූ  ලොව මිලියන ගණනක් මිනිසුන්ටයි. මිලියන සංඛ්‍යාත ජනතාවකට මේ වන විටත් නිවාස, ජීවනෝපාය මාර්ග සහ ජීවිත අහිමි වෙමින් පවතී. 


ලෝක මානුෂවාදී දිනය වන අගෝස්තු 19 දා,  සේවයේ යෙදෙමින් සිටියදී මියගිය සහ තුවාල ලැබූ මානුෂීය සේවකයින් සමරමින්, බාධාවන් නොතකා මිනිසුන් වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන සියලුම ආධාර සහ සෞඛ්‍ය සේවකයින්ට අපගේ ගෞරවය පල කරමු.


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்