ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය





ද (සැප්තැම්බර් 15) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම දිනය මඟින් ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්‍වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දේ. 2007 වසරේදී එක්සති ජාතීන්ගේ  මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයක් අනුව මෙම දිනය නම් කරන ලදී.


ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා රජයන් දිරිමත් කිරීමයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සාර්ථක ලෙස සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය වේ. මෙම දිනයේදී පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කර දැක්වීම සහ යුක්තිය, සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එයට ඇති හැකියාව හා ජනවරම අගය කිරීම කරනු ලබයි. 


කොවිඩ්-19 හේතුවෙන් ලෝකය පෙර නොවූ විරූ විශාල සමාජ, දේශපාලන හා නීතිමය අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ. අර්බුදය විසඳීම සඳහා ලොව පුරා රටවල් හදිසි පියවර අනුගමනය කරන හෙයින්, එතුළ නීතියේ ආධිපත්‍යය, යුක්තිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මුලික අයිතිවාසිකම් ආරක්ෂා වීම පිළිබඳව ගැටළු මතුව තිබේ. 


සිවිල් අවකාශය හැකිලෙමින් පවතින පසුබිමක තොරතුරු ගලා ඒම පාලනය කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස මර්දනය කිරීමට පියවර ගැනීම, "ව්‍යාජ ප්‍රවෘත්ති" ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් දේශපාලන විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින්, ක්‍රියාකාරීන් සහ වෙනත් අය අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, නඩු පැවරීම හෝ හිංසා කිරීම, සයිබර් පොලිස්කරණය (cyber-policing)  සහ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් පරික්ෂා කිරීම වැඩි කිරීම ආදිය කොවිඩ්-19  සමග ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල වී ඇති අභියෝග වේ.  


තොරතුරු වාරණය කිරීමෙන්, අදහස් මර්දනය කිරීමෙන්, අයිතිවාසිකම් ඇහිරීමෙන් අර්බුද ජය ගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අගය කිරීමෙන් තොරව රටකට ඉදිරිගාමී හෙටක් හිමි නොවේ.  


ගෝලීය අර්බුදයත් සමග ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට වූ ගමන් මඟකද ? 



Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்