ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
අ ද ජාත් යන්තර මානව හිමිකම් දිනය යි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින මානව හිමිකම් පිළිබඳ විශ්ව ප් රකාශනය (UDHR) සම්මත කරන ලද අතර සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ජාත් යන්තර මානව හිමිකම් දිනය ලෙස සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප් රකාශනය ජාතිය, වර්ණය, ආගම, ස්ත් රී පුරුෂ භාවය, භාෂාව, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තත්වයන් නොසලකා සෑම කෙනෙකුම මිනිසෙකු ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් ප් රකාශයට පත් කර ඇති ඓතිහාසික ලේඛනයකි. එය භාෂා 500 කට වඩා පරිවර්තනය වූ ලෝකයේ වඩාත්ම පරිවර්තනය කළ ලේඛනය ද වේ. මෙවර ජාත් යන්තර මානව හිමිකම් දිනයේ දී මූලික වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ්-19 වසංගත තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව යි. මෙවර එහි තේමාව වන්නේ "වඩා හොඳින් ප් රකෘතිමත්වන්න - මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න" (Recover better - Stand up for human rights) යන්න යි. ශ් රී ලංකාව තුළ ද කොවිඩ්-19 අර්බුදය වඩා තීව් ර වී ඇත්තේ දුප්පත්කම, අසමානතාවයන්, වෙනස් කොට සැලකීම් සහ වෙනත් ආකාරයේ මානව හිමිකම් කඩවීම් මඟිනි. අ...