මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය


ද (නොවැම්බර් 2 ) මාධ්යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත්යන්තර දිනය යි (International Day to End Impunity for Crimes Against Journalists). ලෝකය පුරා මාධ්යවේදීන්ට එරෙහිව සිදුවන අපරාධවලට යුක්තිය ඉටු වීමේ ප්රවණතාවය ඉතා අවම වීම සැළකිල්ලට ගෙන මෙම දිනය ප්රකාශයට පත් කරන ලදී.

2006 සිට 2019 දක්වා කාලය තුල ලොව පුරා මාධ්යවේදීන් 1200කට ආසන්න ගණනක් ඝාතනය වී ඇත. එම සෑම ඝාතන 10න් 9කටම යුක්තිය ඉටු නොවීය. ඝාතනය කිරීමට අමතරව තර්ජන, වධ බන්ධනයට ලක් කිරීම, බලහත්කාරී අතුරුදහන් කිරීම්, නීතිවිරෝධී රඳවා ගැනීම්, ලිංගික අපරාධ, පැහැරගෙන යාම් ආදී මාධ්යවේදීන්ට එරෙහි අපරාධ දස දහස් ගණනක් වසරකට ලොව පුරා සිදු වේ. එහෙත් ලොව පුරා පසු ගිය දශකය තුළ යුක්තිය ඉටුව ඇත්තේ එම සෑම අපරාධ 10කින් 1කට පමණි.
ශ්රී ලංකාව ඉන්දියන් සාගරයේ ඇති කුඩා දූපතක් වුවත්, ලෝකයේ මාධ්යවේදීන්ට එරෙහි අපරාධ දක්වන සිතියමේ විශාල කළු පැල්ලමකි. 2015 වන විට ලෝක ශ්රේණිගත කිරීම් අනුව ලෝකයේ මාධ්යවේදීන්ට අහිතකරම රටවල් අතර ශ්රී ලංකාව 6 වන ස්ථානයේ පසු විය. “දේශසීමා රහිත මාධ්යවේදියෝ” (Reporters without Borders) හි 2019 මාධ්ය නිදහස පිළිබඳ දර්ශකයට අනුව ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්රී ලංකාව සිටින්නේ 127 වන ස්ථානයේ ය.
ලසන්ත වික්රමතුංග, සිවරාම්, ප්රගීත් එක්නැලිගොඩ, අරියදුරෛ නඩේසන්, නිමලරාජන්,සුගීතරාජ්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත ඇතුළු අපරාධවලට ලක් වූ ශ්රී ලාංකික මාධ්යවේදීන් දීර්ඝ ලැයිස්තුවක් ගෙනහැර පෑ හැක. මේ අපරාධ කිසිවකට ශ්රී ලංකාවේ කිසිදු රජයක් විසින් සම්පූර්ණ යුක්තිය ඉටු කර නොමැත.
අපරාධවලට යුක්තිය ඉටු නොකර වරදකරුවන්ට දණ්ඩ මුක්තිය ලබා දීම මඟින් තව තවත් අපරාධ වැඩි වී නීතියේ ආධිපත්ය බිඳ වැටීම මිස අන් යමක් සිදු නොවේ. එමඟින් රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි වන ජනයාගේ විශ්වාසය බිඳී යයි.
මාධ්ය නිදහස ප්රජාතන්ත්රවාදී රටක මූලික ගුණාංගයකි. ප්රජාතන්ත්රවාදය අගය කරන පුරවැසියන් වශයෙන් මාධ්යවේදීන්ට එරෙහිව සිදු කරන ලද සියලු අපරාධවලට නීතිය ක්රියාත්මක වී යුක්තිය ඉටු විය යුතු යැයි අපි අවධාරණය කරන්නෙමු.
මාධ්යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත්යන්තර දිනය වන අද දිනයේ ඝාතනයට ලක් වීමේ අතුරුදහන් කිරීමේ සිට පහර දීම තර්ජනය කිරීම දක්වා අපරාධවලට ලක් වූ , ජීවිතය අහිමි වූ සහ ජීවිතාරක්ෂාව පතා මව්බිමෙන් පිටුවහල්ව සිටින්නට සිදුව ඇති ලෝකයේ සියලු මාධ්යවේදීන්ට අපගේ ආදරයත් උපහාරයත් පල කරමු.
Act Now
02/11/2020

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்