හැටන් නගරය හදිසියේ හුදෙකලා කිරීම

හැටන් මාළු වෙළඳපොලේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු බස් නැවතුම්පොළ ප්රදේශය 2020.10.24 වන දින වසා දමන ලදී. එහෙත් එය සුළු ව්යාපාරිකයින්, කුලී වැඩ කරන්නන්, සාප්පුවල සුළු සේවකයින් ආදී ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑවේ නැත.
නමුත් 2020.10.27 උදෑසන 10ට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ හමුදාපතිගේ නියමය පරිදි හැටන් නගරය හුදෙකලා ප්රදේශයක් බවට ප්රකාශ කරන ලදී. මෙමඟින් ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති විය. පෙර දැනුම් දීමක් නොකළ නිසා ජනතාවටට අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි විය. මේ ප්රදේශයේ සාතිශ බහුතර ජනතාව එදිනෙදා වැටුප් ලබන රැකියාවල නිරත නිසා ඔවුන් සතුව තැන්පත් කරගත් මුදල් නැත.
කුඩා ළමුන්, වයෝවෘද්ධ තැනැත්තන්, අබාධිත තැනැත්තන්, විශේෂ අවශ්යතා ඇති අය, වැන්දඹු කාන්තාවන් ආදි වෙනත් අයගේ රැකවරණය වුවමනා කරන ප්රජාවන් දැඩි සේ අපහසුතාවයට පත්ව ඇත.
ප්රජාතන්ත්රවාදි රටක දරිත්රාවයේ පතුලේ ජීවත් වන කඳුකර ප්රජාව දැනුම් දීමකින් තොරව හුදෙකලා කිරීම ඔවුන්ගේ එදිනෙදා ජිවෝනෝපාය කටයුතු සඳහා දරුණු ලෙස බලපා තිබේ.
ගියවර රජයෙන් ලබා දුන් රු.5000/= දීමනාව මෙම ජනතාවගෙන් බොහෝ අයට නොලැබුණු නිසා ඔවුන් බොහෝ ගැටළුවලට මුහුණ දුන්හ. ඒ නිසා දැනට පවතින තත්ත්වය අනුව රජය විසින් තමන්ට සහන සළසනු ඇතැයි මේ ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැත.
සමහර වතු කළමනාකාරීත්වය ජනයාට උපකාර කරන ලදී. නමුත් හැටන් හි යුලිෆීල්ඩ් වතු යායේ තේ කර්මාන්ත ශාලාව මාස දෙකක සිට අක්රීය වී ඇති නිසා එහි සේවකයන්ට වෘත්තිය අහිමි විය. මේ සමඟ මෙම හදිසි හුදෙකලා කිරීම කිරීම හේතුවෙන් එදිනෙදා කුලී වැඩද අහිමි වීම නිසා එහි ජීවත් වන ජනයා පත්ව ඇති අසීරුතාවය ඉතා දුක්ඛිත ය.
වෙළඳසැල්වල වැඩි මිලට භාණ්ඩ විකුණනු ලබයි. අද මේ මිනිසුන්ගේ එකම සිතුවිල්ල වී ඇත්තේ සාගින්නේ නොමැරී සිටින්නේ කෙසේද යන්න පමණි.
ශාන්ත කුමාර් - හැටන්

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்