Posts

சமாதானம் உருவாக வேண்டும் மதிப்பளிப்பதன் மூலம்.

Image
இ ஸ்லாமியர்களின் புதவுடலை அடக்கம்செய்வது  தொடர்பாக   உருவாகியுள்ள  பிரச்சினை இனவாத கொள்கையாளர்களால்  உருவாக்கப்பட்டதே , தவிர  சுகாதார  பிரிவினரால் அல்ல. ஒரு பக்கத்தில்  இது அவர்களின் மனித உரிமை. இரண்டாவதாக மத உரிமை.   மூன்றாவது , நல்லிணக்கத்தை குறித்து பேசிக்கொண்டிருக்கும் இந்த  யுகத்தில் அந்த நல்லிணக்கத்தை பாதுகாக்க வேண்டுமானால் , செய்ய வேண்டியது ஒன்றே . அது  இந்நாட்டில் வாழும் அனைத்து மதத்தினரினதும் உரிமையை பாதுகாத்தலே. அடக்கம் செய்வதால் , கோவிட்-19 பரவுவதாக உறுதிபடுத்தப்படவில்லை. அண்மையில் வெளிவந்த  “ தொழிநுட்ப அமைப்பு அறிக்கையில் ”   அவர்கள் அடக்கம் செய்வதற்க்கும் எரிப்பதற்க்கும் அனுமதித்து  இருப்பதாக   கூறப்பட்டுள்ளது. ஏன்  ஆளுகை செய்பவர்கள்  இதை குறித்து பேச மறுக்கின்றார்கள்? இதற்க்கு முன் எமது இஸ்லாம் சகோதரர்களுக்கு எதிராக தர்கா நகரிலும் , அம்பாரையிலும் திகனையிலும் , நாசம் செய்தனர் . சொத்தை கொள்ளையடித்தனர் , தீ மூட்டினர் , இந்த நேரத்தில் இஸ்லாம் மக்களை வேதனைபடுத்தி வன்முறையை அழ...

සාමය උදා විය යුත්තේ ගරු කිරීම තුළින්

Image
මු ස්ලිම් ජනතාවගේ දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති ප්‍රශ්න අන්තවාදී මත දරන්නන් විසින් මතු කළ ඒවා මිස සෞඛ්‍ය අංශ විසින් මතු කළ ඒවා නොවේ. එක පැත්තකින් මේක ඔවුන්ගේ මිනිස් අයිතිය. දෙවැනුව ආගමික අයිතිය. තුන්වෙනුව සංහිඳියාව පිළිබඳ කතා කරන මේ යුගයේදි ඒ සංහිඳියාව ආරක්ෂා විය යුතු නම් කළ යුතුව තිබෙන්නේ මේ රටේ වෙසෙන සියලු ආගමිකයින්ගේ අයිතීන් අරක්ෂා කිරීම.  භූමදානය කිරීම තුළින් කොවිඩ්-19 බෝවෙන බවට ඔප්පු කර නැහැ. මෑතකදි එළි දක්වා තිබෙන තාක්ෂණික කමිටු  වාර්තාවේ පවා ඔවුන් කියනවා ඔවුන් ආදාහනයටත් භූමදානයටත් ඉඩ දී තිබෙන බව. ඇයි මේ පාලකයින් ජනතාවට ප්‍රකාශ කරන්නේ නැත්තේ? මීට කලින් අපේ මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහිව දර්ගා නුවරදි, අම්පාරේදී, දිගනදී හානි කළා, ඔවුන්ගේ දේපල කොල්ලකෑවා, ගිනි තිබ්බා. මේ මොහොතේ මුස්ලිම් ජනයාගේ හිත් රිදවමින් කරන්නේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කිරීම. මුස්ලිම් ජනතාව මේ මොහොතේදී බුද්ධිමත් ජනතාවක් ලෙස සාමකාමීව සිටිනවා අපගේ අයිතිය ආරක්ෂා වීමට දේශපාලනික තීන්දුවක් ආ යුතුයි කියා. රජය බලාපොරොත්තු වෙන්නේ ආගම්වාදි ජාතිවාදි කලකෝලහාලද? ඔවුන්ට, ඔවුන්ගේ ආගමට ගරු කර  ආගමික අයිතීන් ආරක්...

WORLD DAY OF SOCIAL JUSTICE

Image
අ ද (පෙබරවාරි 20) සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය යනු සමාජ අසාධාරණයට එරෙහි හඬ නැගීම මූලික තේමාව කරගත් දිනයකි. 2007 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පෙබරවාරි 20 වන දින සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය 2009 වසරේ සිට ක්‍රියාත්මක විය. සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර සැමරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දුප්පත්කම, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය සහ ශාරීරික වෙනස්කම් මත වෙනස් කොට සැලකීම, නූගත්කම තුරන් කිරීමයි. මෙම ජාත්‍යන්තර දිනය විසින් ලොව පුරා ඇති සමාජ අසාධාරණයන් ඉස්මතු කරන අතර ඒ සඳහා විසඳුම් යෝජනා කරයි.  මෙවර සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ , “ඩිජිටල් ආර්ථිකය තුළ සමාජ සාධාරණත්වය සඳහා කැඳවීමක්.” යන්න යි. මෙවර තේමාවේ අරමුණ වන්නේ රටවල් සහ ඔවුන්ගේ ජනතාව අතර සමාජ සංවර්ධනයන්, සහයෝගීතාවය සහ සමඟිය ප්‍රවර්ධනය කිරීමයි. ඩිජිටල්මය වශයෙන් වී ඇති බෙදීම් මඟහරවා ගැනීම සහ ජනතාව අතර යහපත් රැකියා අවස්ථා ලබා දීම මඟින් ඩිජිටල් යුගයේ කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ රටවල් සමඟ සංවාදය...

‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීම

Image
 

‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීම

Image
ත මන්ගේ කෙනෙක් මිය ගියාට පස්සෙ මිය ගිය කෙනා වෙනුවෙන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි තමන්ගේ ආගමේ දහමේ කියවෙන ආකාරයට එයාට ගෞරවනීය අවසාන ගමනක් ලබා දීම. කොරෝනා තත්වය නිසා ඇති වෙලා තියෙන සැකසංකා නිසා මෙසේ භූමදානය කිරීමේ අවස්ථාව අපේම ජන සමාජයේ එක් ජන පිරිසකට අහිමි වෙලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව මෙය නොකර සිටිය යුතුම දෙයක් නම් අපට ඒ සමග එකඟ වෙන්න වෙනවා.  නමුත් භූමදානය කිසිසේත් කළ නොහැකි බවට අදහසක් ලෝකයේ නැත්නම් අපේ සමාජයේ ජීවත් වන එක ජන කොටසකගේ මිය යන අයට, ඒ අයගේ හිත් සුවපත් වෙන ආකාරයට අවසන් කටයුතු කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත්නම් අපි  කතා කරන සහකම්පනය, කරුණාව වගේ කරුණුවල එතරම් වැදගත්කමක් නැති බව ඔබ පිළිගනීවි. ඒ අයගේ ආගමේ කියවෙන විදියට තමන් ආදරය කරන කෙනාට අවසන් ගෞරව දැක්වීම සිදු කිරීමෙන් පමණයි ඔවුන් සුවපත් වන්නේ. එහෙම නොවුණොත් ඒ අය කවදාවත් සුවපත් නොවුණු  ජීවිතයක් ඉදිරි කාලෙ ගත කරයි.   ‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීමට උත්සහා කිරීම. අපිත් එක්කම ජීවත් වෙන එක ජන කොටසකගේ ආදරණීයයන් මිය ගියාට පස්සේ අවසන් ගෞරවය හරි විදියට කිරීමේ අවස්ථ...

කොරෝනා ගිලගත් මනුස්සකම

Image
කො රෝනා වසංගතය කොහොම කෙසේ හැසිරෙන්නේද යන්න අද වන විට රටේ හැමෝම දන්නා කරුණක්. නමුත් කොරෝනා වසංගතය පරාජය කිරීමට රටම එක්වීමට අවශ් ‍ ය මොහොතක දී කොරෝනා වසංගතයට වඩා මිනිස්සු විසින් මිනිසත්කම පරාජය කළේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. මම ඒ අමනුෂ් ‍ යත්වය හොඳින්ම අත්විඳි කෙනෙක්. මගේ අම්මා කියන්නේ රූපවාහිනයට, අන්තර්ජාලයට අනුව සුව විරුවෙක්. නමුත් ඒක හුදු නාමකරණයක් පමණයි. රූපවාහිනිය තුළ විකාශය වන ගීතවල වගේ අපේ අම්මලාව සමාජය තුළ ඇගයීමට ලක් වෙනවාද, ඔවුන් කරන සේවයට අවශ් ‍ ය දේ ලැබෙනවාද කියන එක ගැන මම මගෙන්ම ප් ‍ රශ්න කරන තත්ත්වයට පත් වුණා. අම්මා නිතරම කටයුතු කළේ ලබා දී තිබුණු උපදෙස්වලට අනුව යි. අම්මා ගෙදරට ඇතුලු වෙන්නේත් පිටුපස දොරෙන්. අත්සන් කරන පෑනක්වත් ගෙදර ගේන්නෙ නැති තරමට අම්මා පරිස්සම් වුණේ අපි සියලු දෙනා වෙනුවෙන්. වෙනදාට තමන්ගේ අක්කලා මල්ලිලා බලන්න රෑක හරි යන අම්මා ඒ යාම් ඒම් නතර කළා. රෝගියෙක්ව වෙනත් රෝහලකට රැගෙන ගිහින් ආපු සැණින් වෙලාව කීය වුණත්, මොන අසනීපයක් තිබුණත් අම්මා නාන්න ඕනේ. කෑම එකක් දෙන්න අපි ගියත් රෝහලේ ගේට්ටුවෙන් ඇතුළට එන්න අම්මා අපිට ඉඩ දුන්නේ නැහැ. කෑම එක ගන්න අම්මා එන්න...

ஹட்டன் நகரம் திடீர் என தனிமை படுத்தப்பட்டதை தொடர்ந்து மக்கள் எதிர் கொள்ளும் பிரச்சினைகள்

Image
24.10.2020 அன்று ஹட்டன் மீன் வர்த்தக நிலைய ஒருவருக்கு கொரோனா தொற்று உறுதிப்படுத்தப் பட்டதை தொடர்ந்து பஸ் நிலைய பகுதி பகுpயளவில் முடக்கப்பட்டது. ஆனாலும் மக்களின் வாழ்க்கை நிலை பாதிக்கவில்லை. உதாரணம் •மேசன் தொழில் •சிற்றுண்டி தள்ளு வண்டி வியாபாரிகள் •கடைத் தொகுதிகளில் தொழில் புரிவோர் •தினக்கூழிகள் ஆனாலும் 27.10.2020 காலை 10 மணியளவில் எவ்வித முன்னறிவித்தலும் இன்றி திடீர் என இராணுவ தளபதியின் ஆலோசனைக்கிணங்க ஹட்டன் நகரம் முடக்கப் பட்டது. இது எமது வாழ்வாதாரத்தினை பெரிதும் பாதிக்கின்றது. முன்னறிவித்தல் இன்றி முடக்கப்பட்டதால் எங்களுக்கு அவசியமான அத்தியாவசிய பொருட்களை கூட கொள்வனவூ செய்ய முடியவில்லை. நாங்கள் தினக்கூழியாக இருப்பதனால் எங்களிடம் சேமிப்பு கூட இல்லை. அத்தோடு ஒரு வீட்டில் ஐந்து பிள்ளைகள் மற்றும் மாற்றுத்திறனாளிகள் இவயோதிபர்கள் பிறரை தங்கி வாழ்வோர் மற்றும் கணவனை இழந்த பெண்கள் போன்றவர்களாகிய நாங்கள் என்ன செய்வோம் என்று தெரியவில்லை. ஜனநாயக நாட்டில் வறுமை கோட்டின் கீழ் வாழும் எமது மலையக சமூகத்தை முன்னற...